News

දුප්පතුන්ට මම සහන දෙද්දි මහින්දයි ගෝලබාලයොනුයි ඒක කඩාකප්පල් කරනවා

දුප්පතුන්ට මම සහන දෙද්දි මහින්දයි ගෝලබාලයොනුයි ඒක කඩාකප්පල් කරනවා

තමන් දුප්පතුන්ට සහන සලසන විට ඇතැමුන්ගේ පුටු රත්වන බවත්, තමන් විසින් දියත් කරනු ලබන ජනතා හිතවාදී වැඩපිළිවෙළට විරුද්ධව හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ ඔහුගේ ගෝලබාලයන් කටයුතු කරමින් සිටින බවත්, සමෘද්ධි හා දිවිනැඟුම සොරා කෑ ඔවුන්ගේ ගෝලබාලයන්ම මෙසේ තමන්ට අකුල් හෙළීම හිටපු නායකයා ලෙස මහින්ද ලැජ්ජා විය යුතු කරුණක් බවත් පවසන නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා, රටේ පාලකයාව සිටියදී එතුමාගේ රාජාසනය දුප්පතුන් වෙනුවෙන් උණු වූයේ නැද්දැයිද විමසා සිටියේය.

තමන් දුප්පතුන්ට සහන සලසන විට ඇතැමුන්ගේ පුටු රත්වන බවත්, තමන් විසින් දියත් කරනු ලබන ජනතා හිතවාදී වැඩපිළිවෙළට විරුද්ධව හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ ඔහුගේ ගෝලබාලයන් කටයුතු කරමින් සිටින බවත්, සමෘද්ධි හා දිවිනැඟුම සොරා කෑ ඔවුන්ගේ ගෝලබාලයන්ම මෙසේ තමන්ට අකුල් හෙළීම හිටපු නායකයා ලෙස මහින්ද ලැජ්ජා විය යුතු කරුණක් බවත් පවසන නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා, රටේ පාලකයාව සිටියදී එතුමාගේ රාජාසනය දුප්පතුන් වෙනුවෙන් උණු වූයේ නැද්දැයිද විමසා සිටියේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, 'සැමට සෙවණ' වැඩසටහන යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 2,100කට රුපියල් 100,000 බැගින් අඩු පොලී නිවාස ණය සහ පවුල් 500කට 'දිරිය සවිය' ස්වයං රැකියා ණය ප්‍රදානය කිරීම සඳහා අනුරාධපුර යොවුන් නිකේතන ශ්‍රවණාගාරයේදී පැවැති විශේෂ උත්සවයකදීය.

අද වත්මන් යහපාලන රජයේ අතිගරු ජනාධිපතිතුමාගේත්, ගරු අග්‍රාමාත්‍යතුමාගේත්, මාර්ගෝපදේශකත්වය යටතේ අද අපේ අමාත්‍යාංශය හරහා රට පුරාවටම ශක්තිමත් සංවර්ධන වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරනවා. මගේ පියා නිවාස ක්‍ෂේත්‍රය වෙනුවෙන් කළ කැපවීම ගැන ඔබ දන්නවා. අද ප්‍රධාන වශයෙන් මා වෙත පැවරී ඇත්තේ ග්‍රාමීය නිවාස සංවර්ධනය පිළිබඳ වගකීමයි. රටේ ග්‍රාමීය නිවාස පද්ධතිය ශක්තිමත් කිරීම උදෙසා අප සතුව ඇති සීමිත සම්පත්වලින් මේ කෙටි කාලය තුළ උසස් ඉලක්කයක් කරා යෑමට අදිටන් කර ගත්තා.

නිවාස 50,000, 'සැමට සෙවණ' වැඩසටහන එහි පළමු පියවරයි. මේ වැඩසටහන මැතිවරණ පොරොන්දුවක් නොවෙයි. මේ ඉලක්කය රටට ප්‍රකාශ කළේ ජනාධිපතිවරණයෙන් පසුවයි. ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වුණේ නිවෙස් නොමැති ලක්ෂ සංඛ්‍යාත ජනතාවට නිවාස සහන ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කරන බවයි. බලයට පත්වූ විගසම ඒ රාමුව තුළ ඒ ප්‍රකාශයට අංකයක් ලබා දී, නිශ්චිත නිවාස ප්‍රමාණයක් සඳහන් කර බරපතළ අභියෝගයක් අප අතට ගත්තා. එනම්, 2015 වසර තුළ නිවාස 50,000ක් නිම කර එහි අයිතිය නිවාස නොමැති පොදු ජනතා අයිතියට පැවරීමයි.
ප්‍රතිවාදීන් අසන්නේ රුපියල් 100,000කින් නිවෙසක් තනන්නේ කෙසේද කියා අසනවා. මෙසේ අසන්නේ රට පිළිබඳ තොරතුරු නොදන්නා, ජන විඥානය නොහඳුනන, ප්‍රතිවාදී දේශපාලනඥයන් පිරිසක් විසිනුයි. මා ඔවුන්ගෙන් පෙරළා අසන්නේ අද රුපියල් 100,000කින් නිවෙසක් සෑදිය නොහැකි නම්, එදා රණසිංහ ප්‍රේමදාස මැතිතුමා රුපියල් 5,000 සහ 7,500 ණය වැඩසටහන්වලින් නිවාස ඉදිකිරීමේ වැඩසටහන ශක්තිමත් කළේ කෙසේද කියායි. නිවාස තැනීම පිළිබඳ අවබෝධයක් නොමැති, වේදිකාවක්, මයික්‍රෆෝනයක් දුටු පමණින් කටමැත ‍ෙදාඩවමින්, බොරු කයිවාරු ගසන දේශපාලනඥයන් කොට්ඨාසයක් අද අපේ වැඩසටහට ගරහන්නට පෙලඹී සිටිනවා.
නිවෙස් නොමැති ජනතාවට ඉඩම් නොමැති නම් දිසාපතිවරුන් මඟින් ඉඩම් කොටසක් ලබා දීමට අප කටයුතු කරනවා. ඉන් පසුව අප ප්‍රතිලාභීන්ට කියන්නේ ඔබ තැනීමට බලාපොරොත්තු වන නිවෙස සැලැසුම් කර එහි අත්තිවාරම දමන ලෙසයි. එය අවසන් කළ වහාම ණය මුදලින් ප්‍රථම වාරිකය වන රුපියල් 20,000 ප්‍රතිලාභියා වෙත ලබා දෙනවා. නිවෙසේ බිත්ති බැඳ අවසන් කළ පසු ඊළඟ වාරිකය වන රුපියල් 30,000ත්, වහලය ගසා අවසන් කළ පසු තවත් 30,000ක වාරිකයකුත් ලබා දෙනවා. අවසන් රුපියල් 20,000 වාරිකය ලබා දෙන්නේ නිවෙසේ ඉතිරි වැඩකටයුතු සම්පූර්ණ කර ගැනීමටයි. අප එතැනින් අපේ වගකීම අවසන් කරන්නේ නැහැ. ප්‍රතිලාභියාට සිය නිවෙස ඉදිකර ගැනීමේදී අවශ්‍ය ගොඩනැඟිලි ද්‍රව්‍ය සපයා දීම සඳහා අප දිසාපතිතුමා ප්‍රමුඛ රාජ්‍යතන්ත්‍රයම උනන්දු කරවනවා. දිසාපතිවරයා සමඟ සාකච්ඡා කර වැලි ටික, නොමිලයේ ලබා දීමට දේශපාලන අධිකාරියට හැකියි. නිවෙස් තැනීමට අවශ්‍ය සිමෙන්ති, වානේ ද්‍රව්‍ය, සෙවිලි තහඩු වැනි ගොඩනැඟිලි ද්‍රව්‍ය වට්ටම් මිලකට ලබා දීමට අප ඒවා නිෂ්පාදනය කරන ආයතන සමඟ දැනටමත් සාකච්ඡා කරනවා. මෙය 'සහභාගීත්ව නිවාස සංවර්ධනය' යනුවෙන් හැඳින්වෙනවා.

මේ ගැන අංශු මාත්‍රයකවත් වැටහීමක් නැති දේශපාලන තකතීරුවන් පිරිසක් අසන්නේ නිවාස 50,000 වැඩසටහන කෝ කියායි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස හතේ එක් කොට්ඨාසයකින් පවුල් 300 බැගින් තෝරාගෙන දිස්ත්‍රික්කයේ නිවාස වැඩපිළිවෙළ අද නිල වශයෙන් ආරම්භ කළා. ඒ අනුව ඉන් ප්‍රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව 2,100ක් වෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැඩිදියුණු කළ යුතු නිවාස 41,000ක් පවතිනවා. අලුතින්ම ඉදිකිරීමට ඇති නිවාස සංඛ්‍යාව 17,000ක් ලෙස සටහන් වෙනවා. එහි එකතුව 58,000යි. අපේ වැඩසටහන්වලට විරෝධතා පළ කරන කුහකයන්ට මා කියන්නේ මේ වැඩපිළිවෙළ මෙතැනින් නතර නොකර රජරට ප්‍රදේශයේ නිවාස අවශ්‍යතාව මුළුමනින්ම සම්පූර්ණ කිරීමට කටයුතු කරන බවයි. එපමණක් නොව රටේ වෙසෙන ලක්ෂ 51ක් වන මුළු පවුල් සංඛ්‍යාවෙන් පවුල් ලක්ෂ 12ක් එනම් 22%ක්ම පමණ මුහුණ දී සිටින නිවාස ප්‍රශ්නය විසඳීමට අප කටයුතු කරනවා.
අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් හා ගරු අග්‍රාමාත්‍යතුමාගේ මාර්ගෝපදේශකත්වයෙන් යහපාලන යුගයක් බිහි කර මේ රටේ මහා භාණ්ඩාගාරයේ ඇති සෑම තඹ ‍ෙදායිතුවක්ම මහ පොළොවට පය ගසා සිටින ගොවියාට, ධීවරයාට, කම්කරුවාට, පොඩි මිනිසාට බෙදා දෙන ක්‍රමවේදයක් අද අප ක්‍රියාත්මක කරනවා. අද මෙහිදී පවුල් 2,100කට නිවාස ණය පිරිනැමෙන අතර තවත් පවුල් 500කට 'දිවි නැඟුම' යටතේ රුපියල් 100,000 බැගින් සහන පොලී ස්වයං රැකියා ණය පිරිනමනවා. මේ පැය කීපය තුළ නිවාස හා සමෘද්ධි අමාත්‍යාංශය හරහා ඔබේ දිස්ත්‍රික්කයේ පවුල් 2,600කට රුපියල් ලක්ෂ 2,600ක් එනම් මිලියන 260ක් බෙදා දෙන්නේ පොඩි මිනිසා නඟාසිටුවීමටයි. මා ඔබෙන් අසන්නේ මෑත ඉතිහාසයේ මේසා විශාල මුදල් සම්භාරයක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ දුප්පත් ජනතාව නඟාසිටුවීම වෙනුවෙන් බෙදා දුන්නේ කවුද, කවදා, කොහේදීද කියායි.
හිටපු ජනාධිපතිතුමා අද පන්සල් ගාණේ යනවා. විවේචන එල්ල වෙද්දී එතුමාට වේදනාවක් ඇති වෙනවා විය හැකියි. මා එය විවේචනය නොකරන්නේ මාද 'සසුනට අරුණ' වැඩසටහන යටතේ විහාරස්ථානවලට ගොස් උපකාර කළ පුද්ගලයකු නිසයි. මා එතුමාට මතක් කර දෙන්නේ රාජ්‍ය බලයක් නැතිව මා මේ රටේ විවිධ දිස්ත්‍රික්කවල 'සසුනට අරුණ' වැඩසටහන ක්‍රියාත්මක කරද්දී මට ගහපු මඩ මතකද? මා පන්සල්වලට ගියේ හිස් අතින් නොවෙයි. මා පන්සල්වලට ගියේ දේශපාලන රැස්වීම් තබා ජනතාව අමතන්නටත් නොවෙයි. මා ගියේ ඒ විහාරස්ථානවල අඩුපාඩු සකස් කර ගැනීමට පුංචි හයියක් දෙන්නටයි. රාජ්‍ය බලයක් නොමැති ඒ කාලයේ පෞද්ගලිකව දානපතියන් මැදිහත් කරගෙන ඒ හැම පූජ්‍යස්ථානයකටම රුපියල් 50,000ක පරිත්‍යාගයක් කළා. අද හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ පිරිසක් පූජ්‍යස්ථානයක් දුටු සැණින් එහි ගොස් දේශපාලන රැස්වීමක් තබන්නට පෙලඹී සිටිනවා. මේවා දකින රටේ උගත්, බුද්ධිමත් ජනතාව පැහැදිලි නිගමනවලට එළැඹේවි යැයි මා විශ්වාස කරනවා.
අපේ මේ ජනතා හිතවාදී වැඩපිළිවෙළට විරුද්ධව කුමන්ත්‍රණ කරන්නේ මේ රටේ හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ සුළු පිරිසක් බව මා පැහැදිලිවම ප්‍රකාශ කරනවා. සමෘද්ධි හා දිවිනැඟුම මුදල් සොරා කෑ ඔවුන්ගේ ගෝල බාලයන්ම යොදවමින් මේ වැඩපිළිවෙළ විනාශ කිරීමට පසුගිය රජයේ නායකයා කටයුතු කිරීම ඉතා කනගාටුවට කරුණක්. එතුමා මේ රටේ පාලකයා හැටියට රාජාසනයේ සිටියදී මේ රටේ දුක්විඳින ජනතාව වෙනුවෙන් ඒ රාජාසනය උණු වුණේ නැද්ද කියා මා අසන්නට කැමැතියි. හදවත සුළුවෙන් හෝ කම්පා වුණේ නැද්ද? එසේ නොවුණා නම් අද අප ඒ දුප්පතුන් වෙනුවෙන් යමක් කරන්නට තැත් කරද්දී ද්‍රෝහී වන්නේ ඇයි? අද තිබෙන්නේ යහපාලනයට පක්ෂ රජයක් සහ සහන විරෝධී කොල්ලකරුවන් පිරිසක් අතර පවතින අරගලයක්. ඒ අනුව අද රටේ ජනතාවට තෝරා ගැනීමට සිදුවී තිබෙන්නේ පවුල් ලක්ෂ 35ක් වෙනුවෙන් සාධාරණයක් ඉටු කරන වත්මන් රජයද, ඊට එරෙහි නොම්මර එකේ දේශද්‍රෝහීන්ද කියායි.
මගේ හදවත පිරිසුදුයි. මගේ දෑත් පිරිසුදුයි. මගේ ගමන නිර්ව්‍යාජයි. මා ඇමැති වැටුප නොගන්නා, ඇමැති නිල වාහන නොගන්නා, නිල නිවාස, ඉන්ධන හා නිල නිවාස දීමනා නොගන්නා පුද්ගලයෙක් බව පසුගිය රජයේ නායක කාරකාදීන්ට සිහිපත් කර දෙන්නට කැමැතියි. මා ඉටු කරන්නේ ගරු සේවාවක්. එසේ කරද්දීත් අපේ සංවර්ධන වැඩසටහන්වලට ගැරැහීම රටටම කරන දේශද්‍රෝහී ක්‍රියාවක්. එකක් නම් පැහැදැලිවම කිව යුතුයි. අපට අවහිර කරන්න, හැකිනම් අප හිරේ විලංගුවේ දමන්න. සියලු බාධා සිදු කරන්න. ඒ සියලු බාධා මට නොව, ඔබලාටද ඡන්දය දුන් මේ රටේ නැති බැරි දුප්පත් ජනතාවට එරෙහිවයි. දුප්පත්කමට එරෙහිවයි. කවර බාධා එල්ල වුණත් මේ රටේ වරප්‍රසාද අහිමි පවුල් ලක්ෂ 35 වෙනුවෙන් සජිත් සිය යුතුකම් නොපිරිහෙලා ඉටු කිරීම කුමන හේතුවක් මත හෝ අත්හරින්නේ නැති බව නම් කිව යුතුමයි.

Sajith Premadasa

Sajith Premadasa

Related Articles

Close
Close

Please enter your username or email address. You will receive a link to create a new password via email.

Close

Close