News

දුප්පතුන් ළඟටම ඇවිත් ඔවුන් නඟාසිටුවද්දී සමෘද්ධියෙන් හොරා කාපු අය අද කෑ ගහනවා

දුප්පතුන් ළඟටම ඇවිත් ඔවුන් නඟාසිටුවද්දී සමෘද්ධියෙන් හොරා කාපු අය අද කෑ ගහනවා

තමන් දුප්පත් ජන කොටස් තෝරාගෙන ඔවුන්ට සහන සලසන විට පසුගිය කාලය පුරාවට සමෘද්ධියෙන් සොරා කෑ පිරිස්ම ඊට එරෙහිව නැඟී සිටීම හාස්‍යට කරුණක් බවත් සමෘද්ධියේ, දිවි නැඟුමේ මුදල් සොරා කා පෝෂණය වී එම හොරු රැළම අද හන්දියක් හන්දියක් ගානේ සිඟා කමින් යන බවත් නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

තමන් දුප්පත් ජන කොටස් තෝරාගෙන ඔවුන්ට සහන සලසන විට පසුගිය කාලය පුරාවට සමෘද්ධියෙන් සොරා කෑ පිරිස්ම ඊට එරෙහිව නැඟී සිටීම හාස්‍යට කරුණක් බවත් සමෘද්ධියේ, දිවි නැඟුමේ මුදල් සොරා කා පෝෂණය වී එම හොරු රැළම අද හන්දියක් හන්දියක් ගානේ සිඟා කමින් යන බවත් නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ "සැමට සෙවණ" වැඩසටහන යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 800කට රුපියල් 1,00,000 බැගින් අඩු පොලී නිවාස ණය සහ පවුල් 25කට නිවාස හිමිකම් ඔප්පු පිරිනැමීම සඳහා පසුගියදා කෑගල්ල ශාලාවේ පැවැති විශේෂ උත්සවයකදීය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවැසීය.

සමහරුන් මගෙන් අසන්නේ රුපියල් 1,00,000කින් කොහොමද නිවෙසක් තනන්නේ කියායි. මා ඔවුන්ගෙන් පෙරළා අසන්නේ ඒ කාලයේ රණසිංහ ප්‍රේමදාස මැතිතුමා රුපියල් 5,000න්, 7,500න් නිවාස හැදුවේ කොහොමද කියායි. ඉතිහාසය පුරා ක්‍රමවේදයන් කීපයක් යටතේ නිවාස තැනීම සිදු වී තිබෙනවා. මගේ පියාගේ කාලයේ ක්‍රියාත්මක වුණු නිවාස ලක්‍ෂයේ, දස ලක්‍ෂයේ හා නිවාස පහළොස් ලක්‍ෂයේ වැඩසටහන් අතරින් 1977 මැතිවරණ පොරොන්දුව ලෙස පැවතුණේ නිවාස ලක්‍ෂයේ වැඩපිළිවෙළ පමණයි. සත්‍යය නම් 1977 - 1983 කාලයේදී නිවාස 1,00,000ක් නොව 1,53,000ක් ඉදිකර ජනතා අයිතියට පැවරූ බවයි. රුපියල් 1,00,000කින් නිවාස ඉදි කරන්නට නම් අප නිවෙස් හිමියාට කියන්නේ පවුලේ අයගේද ශ්‍රම සහභාගීත්වයෙන් නිවෙසේ අත්තිවාරම දමා ගැනීමට කටයුතු කරන්න. එය අවසන් වූ සැණින් පළමු වාරිකය වන රුපියල් 20,000 ලබා දෙන බවයි. ඒ අනුවම බිත්ති බැඳ ගැනීමද සිදුකර ගත් පසුව ඊට අදාළ වාරිකය වන රුපියල් 30,000 ලබා දෙනවා. වහලය තනාගත් පසුව තවත් 30,000ක වාරිකයක් ඔහු වෙත ලබා දෙනවා. නිවෙසේ අනෙකුත් අත්‍යවශ්‍ය කටයුතු සම්පූර්ණ කර ගැනීමට ඉතිරි රුපියල් 20,000ක වාරිකය ලබා දෙනවා. රුපියල් 1,00,000කින් ගෙයක් හැදන්නේ ඒ ආකාරයටයි. ප්‍රතිලාභියාට ඒ මූල්‍ය ශක්තිය ලබාදෙන අතර දිසාපති, ප්‍රාදේශීය ලේකම් ඇතුළු ග්‍රාම නිලධාරීන්, කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන්, "දිවි නැඟුම" නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන් සහ දේශපාලන අධිකාරියේ මැදිහත් වීමෙන් වෙනත් පහසුකම් සැපයීමේ ක්‍රියාවලියක් සිදු වනවා. නිදසුනක් ලෙස නිවාස ඉදිකිරීම සඳහා වැලි නොමිලයේ ලබා දීමට කටයුතු කෙරෙනවා. එය වැලි ජාවාරමක් නොව ප්‍රතිලාභියාට නිවෙස ඉදිකර ගැනීම සඳහා ලබාදෙන උත්තේජකයක්. එමෙන්ම සිමෙන්ති සමාගම්, සෙවිලි තහඩු, යකඩ කම්බි නිපදවන සමාගම් සමඟ සාකච්ඡා කරගෙන යන්නේ එම ගොඩනැඟිලි ද්‍රව්‍ය වට්ටම් මිලකට ලබා දීමටයි. නිවෙස වයරින් කිරීමේ විදුලි රැහැන් සහ අනෙකුත් උපකරණ වෙළෙඳපොළ වටිනාකමින් 50%ක වට්ටමක් සහිතව ලබා දීමට එනම් රුපියල් 15,000ක් වැය වන කට්ටලයක් රුපියල් 7,500ට ලබා දීමට "කෙවිල්ටන්" විදුලි උපකරණ නිෂ්පාදන සමාගම දැනටමත් එකඟතාව පළකර තිබෙනවා.
වර්තමාන විවිධ දේශපාලන බෙදීම් හා මතිමතාන්තර අතර අපේ වත්මන් නිවාස වැඩපිළිවෙළ විවේචනය වන්නට පිළිවන්. අපට විවිධ අපහාස, උපහාසවලට මුහුණ දීමට සිදුවේවි. නමුත් මා විශ්වාස කරන්නේ මේ වැඩසටහන සම්පූර්ණ වූ දාට රටේ නිවාස ප්‍රශ්නය විසඳීම වෙනුවෙන් යම් සාධාරණයක් කරන්නටත්, අවංක විසඳුමක් ලබා දෙන්නටත් හැකි වූ බව කියන්නට අපට හැකි වේවිය කියායි. යහපාලන රජයේ පළමු වසර තුළ නිවාස වැඩසටහන් 3ක් ක්‍රියාත්මක කරන්නට අප බලාපොරොත්තු වනවා. රුපියල් 1,00,000 ණය ලබාදෙන "සැමට සෙවණ" ඉන් පළමු වැන්නයි. දෙවැනි වැඩසටහන "සැමට සෙත" ලෙසින් හැඳින්වෙනවා. සෑම මැතිවරණ කොට්ඨාසයකින්ම අන්ත දරිද්‍රතාවෙන් පෙළෙන පවුල් 30ක් තෝරාගෙන ඒ පවුල්වලට නිවාස ගැටලු විස¼දා ගැනීමට ණයක් නොවන රුපියල් 75,000ක ප්‍රදානයක් ලබා දීම ඒ යටතේ සිදු වනවා. තුන් වැනිව අප ක්‍රියාත්මක කරන්නේ "උදාගමින් උදාගමට" වැඩසටහනයි. මෙම වැඩසටහන යටතේ 1977 සිට මගේ පියා හඳුන්වා දුන් "උදාගම්", "උදාකළ ගම්මාන", "විසිරි නිවාස" වැනි නිවාස යෝජනා ක්‍රමවලත්, 1994න් පසුව ඉදි කෙරුණු "ජන උදාන" වැනි වැඩසටහන් යටතේ ඉදිවුණු නිවාස යෝජනා ක්‍රමවලත් නිවාස නැවත ප්‍රතිසංස්කරණය කර ගැනීම සඳහා නිවෙස් හිමියන්ට ණය මුදල් ප්‍රදානය කිරීමට කටයුතු කරනවා.
ඉකුත් කැබිනට් මණ්ඩල රැස්වීමේදී වැදගත් යෝජනාවක් සම්මත වුණා. මගේ පියාණන්ගේ උපන් දිනය වන ජුනි මාසයේ 23 වැනි දින "ජාතික නිවාස දිනය" ලෙස ප්‍රකාශ කරන ලෙස මා කළ යෝජනාවයි එසේ සම්මත වුණේ. එම දිනය කේන්ද්‍ර කර ගනිමින් එදින සිට ඓතිහාසික නිවාස සංවර්ධන සතියක් දිවයිනේ දිස්ත්‍රික්ක 25ට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 335 තුළ ක්‍රියාත්මක කරනවා.
අපේ රටේ යම් කාර්යයක් කරන විට සාධාරණ නොවන චෝදනා, විවේචන සහ මඩ ප්‍රහාර එල්ල කිරීම සිරිතයි. වත්මන් විපක්‍ෂයේ ඊර්ෂ්‍යාකාරයන්, චරිත ඝාතකයන්, කුහකයන් මගේ වැඩසටහන්වලට පහර පිට පහර ගසනවා. මා දුප්පත්ම ජන කොටස් තෝරාගෙන ඔවුන්ට සහන ලබාදෙන විට පසුගිය කාලයේදී සමෘද්ධි ව්‍යාපාරයේ, දිවි නැඟුමේ මුදල් කොල්ල කෑ මංකොල්ලකාරයන් ඊට එරෙහිව නැඟීසිටීම හාස්‍යයට කරුණක්. පසුගිය ජනවාරි 8 වැනිදාට යෙදී තිබූ ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන සමෘද්ධිලාභීන්ගේ තැන්පතු මුදල් රුපියල් ලක්‍ෂ 250ක් වැය කර ලිත් ලක්‍ෂ 51ක් මුද්‍රණය කර තිබෙනවා. සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂකයාගේ රැස්වීම්වලට කොඩි කණු සඳහා යකඩ බට මිලදී ගැනීමට තවත් රුපියල් ලක්‍ෂ 300ක් දුප්පතුන්ගේ ඉතිරි කිරීම්වලින් වියදම් කළේ මේ හොර රැළයි. මේ තක්කඩින් දිවි නැඟුම එක් දින සම්මේලනයක් සඳහා දුප්පතුන්ගේ මුදල් රුපියල් ලක්‍ෂ 635ක් වියදම් කර තිබෙනවා. අද අප මේ රටේ අන්ත අසරණ, දුගී ජනතාවගේ දෙපා ළඟට ගොස් ඔවුන් නඟාසිටුවන්නට ගන්නා වැඩපිළිවෙළට විරුද්ධව පෙනී සිටින්නට උත්සාහ කරන්නේ පසුගිය කාලයේදී සමෘද්ධියෙන් හොරා කමින්, එයින්ම යැපුණු, දිවි නැඟුම මුදල්වලින් පෝෂණය වුණු පාලකයන් හා ඔවුන්ගේ අතකොලු ලෙස කටයුතු කළ මේ පිරිසයි. සජිත් ප්‍රේමදාස දුප්පත් ජනතාවට සහන සලසනවාට එරෙහිව මේ හොරු රැළ දැන් හන්දියක් හන්දියක් ගානේ උද්ඝෝෂණ පවත්වනවා. මා මේ රටේ නැති බැරි ජනතාව අතට "දිරිය සවිය" සහන පොලී ණය මුදල් ලබා දෙන්නේ ඔවුන් නඟාසිටුවීමටයි.

එය කරන්නේ පූර්ණ විනිවිදභාවයෙන් යුතුවයි. පාලකයන් වන අපේ යුතුකම හා වගකීම වන්නේ රටේ ඇති මුදල් සොරා කනු වෙනුවට, ඒවා පිල්ලි ගසා සුර සැප විඳිනු වෙනුවට, පළාත් ගාණේ සුඛෝපභෝගි මාලිගා ඉදිකරනු වෙනුවට ඒ මුදල් දුප්පත් පොදු ජනතාවගේ යහපත පිණිස යොමු කිරීමයි. මා මේ කුහකයන්ට කියන්නේ මා සමෘද්ධි මුදල්වලින් කටවුට්, බැනර්, පෝස්ටර් ගසන්නේ නැති බවයි. දිවි නැඟුම සම්මේලන පවත්වන්නේ නැති බවයි. මගේ පින්තූරය දමා ලිත්, දින දර්ශන ගසන්නේද නැති බවයි. අපේ පක්‍ෂයේ කොඩි දැමීමට, කොඩි කණු මිලදී ගන්නේද නැති බවයි. ඒ දේවල් සිදු වුණේ පසුගිය ජනවාරි 8 වැනිදාට කලිනුයි. එදාට පසු රටට උදාවූ නව පාලනය යටතේ අපට ලැබුණු පළමු උපදෙස නම් "නිර්මලව, පිරිසුදුව හා විනිවිදභාවයෙන් යුතුව රටේ ජනතාවට උපරිම සේවයක් ඉටු කරන්න" කියායි.

 

මගේ පියා "ජන සවිය" ගෙන එන විට ඊට කීවේ "හිඟන සවිය" කියායි. එතුමා නිවාස හදන විට කීවේ "කුකුළු කූඩු" හදනවා කියායි. ඇඟලුම් කම්හල් රට පුරා හදන විට කීවේ අපේ කොල්ලන්, කෙල්ලන් ලවා "සුද්දියන්ට යට ඇඳුම් මස්සවනවා" කියායි. ඒත් ඒ සියල්ල ලෝකයේ ඇගයීමට පාත්‍ර වුණා. මගේ පියාගේ නිවාස වැඩපිළිවෙළ ඉතා සාර්ථක බව පිළිගැනුණු නිසා එතුමාගේ ඉල්ලීම පරිදි එක්සත් ජාතීන්ගේ සංවිධානය 1987 වසර "ජාත්‍යන්තර නිවාස වර්ෂය" ලෙස ප්‍රකාශයට පත් කළා. එවැනි දැවැන්ත නිවාස වැඩපිළිවෙළක් එතුමාගෙන් පසු කාලයේ මෙතෙක් ක්‍රියාත්මක වී නැහැ. ඇඟලුම් කර්මාන්තය අද අපේ රටට වැඩිම විදේශ විනිමය උපද්දන ක්‍ෂේත්‍රය බවට පත්වී තිබෙනවා. කවුරුන් විවේචනය කළත්, මඩ ප්‍රහාර එල්ල කළත්, ගල්මුල් ප්‍රහාර එල්ල කළත් මේ රටේ පොඩි මිනිසා නඟාසිටුවීමේ වැඩසටහන මා කිසිසේත්ම අත් නොහරින බව නැවත නැවතත් අවධාරණය කර කියන්නට කැමැතියි.

Sajith Premadasa

Sajith Premadasa

Related Articles

Close
Close

Please enter your username or email address. You will receive a link to create a new password via email.

Close

Close