ප්‍රේමදාසට සාධාරණය ඉටුවෙයි

ප්‍රේමදාසට සාධාරණය ඉටුවෙයි

ප්‍රේමදාසට සාධාරණය ඉටුවෙයි

නිවාස දස ලක්ෂය ව්‍යාපෘතියේ පුරෝගාමියා මෙන්ම ජාතික නිවාස අධිකාරියේ නිර්මාතෘවරයා වූ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 91 වැනි ජන්ම දිනයට සමගාමීව රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති ජාතික නිවාස දින ප්‍රධාන නිල උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් හෙට (23දා) පෙරවරු 9ට තිස්සමහාරාමය දෙබරවැව මහජන ක්‍රීඩාංගණයේදී ඇරැඹෙයි. නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ඉල්ලීමක් අනුව හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 91 වැනි ජන්ම දිනය යෙදී ඇති ජුනි මස 23දා ජාතික නිවාස දිනය වශයෙන් රජය ප්‍රකාශයට පත් කර ඇත.

ජාතික නිවාස දිනය නිමිත්තෙන් විශේෂ සමරු කොඩියක්ද නිර්මාණය කර ඇති අතර එහි ප්‍රථම කොඩිය අද (22දා) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පැලඳවීමේ අවස්ථාවට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාද සහභාගිවීමට නියමිතය. අද සිට ජූලි 31 වැනිදා තෙක් දිවයින පුරා මහජනයාට එම කොඩි අලෙවි කරන අතර එයින් ලැබෙන ආදායම සෙවණ නිවාස අරමුදලට බැර කෙරේ. මේ කාල පරිච්ඡේදය තුළ සෙවණ අරමුදල සඳහා ප්‍රාදේශීය මට්ටමින් මුදල් හා ගොඩනැඟිලි ද්‍රව්‍ය එක් රැස් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ.

ජාතික නිවාස දිනය නිමිත්තෙන් සමරු මුද්දරයක්ද හෙට දින දෙබරවැවදී පැවැත්වෙන ජාතික නිවාස සමුළුවේදී නිකුත් කෙරේ. දින 7ක් මුළුල්ලේ ක්‍රියාත්මක වන ජාතික නිවාස වැඩසටහන් තේමාවන් ගණනාවක් යටතේ පැවැත්වෙයි. 24දා කාන්තා දිනය යටතේ 'නිවාස සංවර්ධනය සඳහා කාන්තා දායකත්වය. 25දා යොවුන් දිනය යටතේ 'නිවාසකරණය සඳහා තරුණ සහාය' යනුවෙන් වැඩමුළුද, 26දා ශිල්පීය දිනය යටතේ වඩු හා මේසන් කාර්මිකයන්ට හැඳුනුම්පත් හා රක්ෂණ සහතික ප්‍රදානයද, 27දා පාසල් හා ළමා දිනය යටතේ ළමා සිතුවම් හා රචනා තරගද, 28දා නිවාස හිමිකම් දිනය යටතේ නිවාස හිමිකම් ඔප්පු ප්‍රදානය හා නව නිවාස ව්‍යාපෘති ඇරැඹීමද, 29දා ප්‍රජා දිනය යටතේ ප්‍රජා දායකත්වයෙන් නිවාස යෝජනා ක්‍රමවල අඩුපාඩු පිළිසකර කිරීම හා ශ්‍රමදානද පැවැත්වෙයි. ජාතික නිවාස දින සමුළුවට සමගාමීව හෙට උදේ කතරගම කිරිවෙහෙරේදී ආගමික වතාවත් පැවැත්වෙන අතර හෙට සවස 2.30ට ජාතික නිවාස දින උළෙල තංගල්ල නගර ශාලාවේදී පැවැත්වෙයි.

Sajith Premadasa

Sajith Premadasa

Related Articles

Close
Close

Please enter your username or email address. You will receive a link to create a new password via email.

Close

Close