News

ජනපති -අගමැති, ප්‍රේමදාස ගුණ සමරයි

ජනපති -අගමැති, ප්‍රේමදාස ගුණ සමරයි

633ae8386f90e40f6dbc1dc3e159872e_L

දිවංගත හිටපු ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතාගේ විසි දෙවන ගුණ සැමරුම අදට යෙදී ඇත.  ඒ නිමිත්තෙන් අද පෙරවරුවේ කොළඹ අළුත්කඬේ පේ‍්‍රමදාස පිළිරුව අසලදී ගුණානුස්මරණ වැඩසටහනක් පැවැත්විණ.

එය පැවැත්වුණේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙනි.

මේ එම ගුණානුස්මරණ උත්සවයේදී අදහස් පළ කළ ජනාධිපතිවරයා, පොඩි මිනිසුන්ට වඩාත් සමීප වෙමින් ඔවුන් වෙනුවෙන් වැඩි සේවයක් ඉටුකළ නායකයෙකු ලෙස හිටපු ජනාධිපතිවරයෙකු වන දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතා හැඳින්විය හැකි බව පැවසිය.

 

යාපනයේ ජනතාව පවා සුදු කොඩි දැම්මා :

එම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළේ ප්‍රේමදාස මහතා ශ්‍රී ලාංකේය අනන්‍යතාව වෙනුවෙන් කටයුතු කළ නායකයෙකු බවයි.

ජාතිවාදයට විරුද්ධව කටයුතු කළ නායකයෙකු ලෙස ඒ මහතා හැඳින්විය හැකි බව ඒ මහතා පෙන්වාදුන්නේය.

එතුමා මිය ගිය අවස්ථාවේදී යාපනයේ ජනතාව පවා සුදු කොඩි දමා ශෝකය පළ කළ බව ඔහු පැවසීය.

ජනාධිපතිවරයා, අග‍්‍රාමාත්‍යවරයා සහ පේ‍්‍රමදාස පවුලේ සාමාජිකයින් විසින් මෙහිදී දිවංගත ජනාධිපතිවරයාගේ පිළිරුවට පුෂ්පෝපහාර පුදකිරීමක් ද සිදු කළේය.

මේ ගුණානුස්මරණ උත්සවය ඇමතූ රණසිංහ පේ‍්‍රමදාස මහතාගේ පුත්, අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා, ප්‍රේමදාස මහතා අපේක්ෂා කළ සර්ව පාක්ෂික පාලනය අද යතාර්ථයක් බවට පත්ව ඇතැයි කීය.

රණසිංහ පේ‍්‍රමදාස මහතා 1993 වසරේ මැයි පළමුවනදා එක්සත් ජාතික පක්ෂ මැයි රැළියට සහභාගි වී සිටියදී එල්.ටී.ටී.ඊ. ප‍්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්විය.

Source : mirror.lk

 

Ex viverra eros, iure excepteur luctus recusandae eget enim odit pede aut tempor omnis quis, justo quibusdam exercitation, sem nunc? Lobortis, repellat. Aliqua unde natus. Augue nam praesentium ullamcorper veniam hac quas faucibus? Incidunt necessitatibus, error, modi phasellus? Eleifend optio, enim repudiandae cupiditate quidem unde purus, quod cillum, elit ex.

Vivamus officiis ultricies vulputate, sagittis vulputate proin qui sapiente porro mollis natoque, sagittis est libero dignissimos et curae, corporis molestias laboris nisl omnis nascetur? Mollis rhoncus ipsam? Ultricies, torquent dapibus exercitation eu, a elementum tristique, suscipit soluta tempus velit nulla alias aliquet quod cum necessitatibus! Morbi itaque urna, netus labore.

Inceptos explicabo ipsa ipsam numquam interdum eligendi excepteur, suscipit? Vestibulum taciti perferendis ornare, dignissim arcu deleniti nullam quibusdam praesent cumque cursus tristique nobis illo, omnis mollitia taciti hic dolores blanditiis mollitia fuga? Mauris facilis, fuga laoreet viverra corporis elementum magna nisi incididunt varius class veritatis dolores? Aut minus, dapibus itaque.

Sajith Premadasa

Sajith Premadasa

Related Articles

Close
Close

Please enter your username or email address. You will receive a link to create a new password via email.

Close

Close