ජේ.ආර්. ප්‍රේමදාසගේ කකුලෙන් ඇද්දෙ නෑ: අගමැතිකම දෙන්නැයි ඉල්ලා හිටියෙත් නෑ

ජේ.ආර්. ප්‍රේමදාසගේ කකුලෙන් ඇද්දෙ නෑ: අගමැතිකම දෙන්නැයි ඉල්ලා හිටියෙත් නෑ

ජේ.ආර්. ප්‍රේමදාසගේ කකුලෙන් ඇද්දෙ නෑ: අගමැතිකම දෙන්නැයි ඉල්ලා හිටියෙත් නෑ

තුන්වැනි වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට කැමැත්තක් තිබුණද ජනමතයට හිස නමා ඊළඟ සුදුස්සාට රට බාරදී ඔහු ගෞරවනීය ආකාරයට විශ්‍රාම ගිය බවත්, ජනමතයට පයින් ගසා අමුතු ගමනක් යෑමට සැරසුණු අයව ජනතාව විසින්ම පයින් ගසා එළවනු ලැබූ බවත් පැවැසූ නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනවරම ඇත්තේ මෛත්‍රිට හා රනිල්ට බැවින් ඊට හිස නැමීමට දේශපාලනඥයන් නිහතමානී විය යුතු බව කියා සිටියේය.

තුන්වැනි වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට කැමැත්තක් තිබුණද ජනමතයට හිස නමා ඊළඟ සුදුස්සාට රට බාරදී ඔහු ගෞරවනීය ආකාරයට විශ්‍රාම ගිය බවත්, ජනමතයට පයින් ගසා අමුතු ගමනක් යෑමට සැරසුණු අයව ජනතාව විසින්ම පයින් ගසා එළවනු ලැබූ බවත් පැවැසූ නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනවරම ඇත්තේ මෛත්‍රිට හා රනිල්ට බැවින් ඊට හිස නැමීමට දේශපාලනඥයන් නිහතමානී විය යුතු බව කියා සිටියේය.
හම්බන්තොට ලංකා ලුණු සමාගමේ සේවයේ නිරතව සිටියදී ඉකුත් පාලන සමයේදී දේශපාලන පළිගැනීම්වලට ලක්වූ 32 දෙනකුට සහන ලබාදීම සඳහා පලටුපාන ලේවාය පරිශ්‍රයේදී ජාතික සේවක සංගම් ශාඛාව විසින් සංවිධානය කරනු ලැබූ විශේෂ උත්සවයේදී අමාත්‍යවරයා මෙසේ කීය.
එහිදී ඒ මහතා මෙසේද සඳහන් කළේය.
හම්බන්තොට නගරයේ කම්කරු ශක්තියෙන් පෝෂණය වන බූන්දල, පලටුපාන ලුණු ලේවායේ සේවක පිරිසට සවියක් ලබාදීමට අප අද එක්වී සිටිනවා. පසුගිය කාලවකවානුවේදී මේ ලේවාය ක්‍රියාත්මක වුණේ කම්කරුවා සුරකින ආයතනයක් හැටියට නොව එක්තරා පවුලක් සුරකින ආයතනයක් හැටියටයි. නොඑසේ නම් එක්තරා දේශපාලන ගමනක් සුරකින ආයතනයක් හැටියටයි. එවක සිටි මේ රටේ ප්‍රබලම දේශපාලන පවුල ඇතුළු නායකකාරකාදීන් මෙය පාවිච්චි කළේ තමන්ගේ පෞද්ගලික බූදලයක් හැටියටයි. අද යහපාලනය රජය මේ ලේවායේ සම්පත් සූරාකන්නේ නැහැ. මෙහි කම්කරුවා සතු ශක්තිය අප අනිසි ලෙස ප්‍රයෝජනයට ගන්නේ නැහැ. දේශපාලනීයකරණයට සහමුලින්ම ලක්වී තිබුණු මේ ලේවාය අද ඔබ අපේ ලේවාය ලෙස නැවැතත් පොදු ජනතාව සතුකර තිබෙනවා. අද මේ ආයතනය තුළ හොර රහසේ ගෙවන පඩිනඩි නැහැ. හැමදේම ක්‍රියාත්මක වන්නේ එළිපිටයි. දේශපාලන වියහියදම් සඳහා ආයතනයේ මුදල් හා සම්පත් පාවිච්චි වන්නේ නැහැ. අද දේශපාලන නායකකාරකාදීන්ගේ බැනර්, කටවුට්, බිල්බෝඩ් ගැසීමට ආයතනයේ මුදල් යොදවන්නේ නැහැ.

අද රට අලුත් ගමනකට අවතීර්ණ වී තිබෙනවා. මෙය සම්ප්‍රදායානුකූල සුපුරුදු රාමුවෙන් පිට පැන අලුත් විදියට එනම්, පොඩි මිනිහා ගැන සිතන ගමනක්. රටේ බලාපොරොත්තුව එයයි. රටේ ජනතාව අපෙන් ඉල්ලා සිටියේ එයයි. එනිසා යහපත් පාලනයක් හරහා අප ජනතා අපේක්‍ෂා ඉටු කිරීමට බලාපොරොත්තු වනවා. අප හැම විටම ජනමතයට සවන් දීමට වගබලාගත යුතුයි. ජනමතයේ තීන්දුවට ගරු කරමින් එය ආරක්‍ෂා කළ යුතුයි. "ජනමතය" යනු අලුත් ජනාධිපතිවරයෙක් බිහිවීම නම් අප එය වළක්වන්නේ කොහොමද? නීතිමය ප්‍රතිපාදන එහා මෙහා කර හිටපු පුද්ගලයාම තවදුරටත් තබා ගන්නට පුළුවන්ද? අපේ රටේ පසුගිය කාලයේ පැවතුණේ ඒ වගේ සංස්කෘතියක්. පාලකයන් ජනමතය රිස්සුවේ නැහැ. ජනමතය පයට පෑගෙන දූවිල්ලක් තරමින්වත් ගණන් ගත්තේ නැහැ. ජනමතයට පයින් ගසා විසිකර අමුතුම ගමනක් යන්නටයි කටයුතු කළේ. නමුත් මේ වන විට ඒ ගමනට රටේ ජනතාව පයින් ගසා හමාරයි. ජනතාව එසේ කළ පසුවත් එක්තරා පිරිසක් කියන්නේ "නෑ අර පරණ ක්‍රමයට යමු" කියායි.
මට සිහිපත් වන්නේ ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිතුමායි. වසර 1988 වන විට තුන්වැනි වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නට එතුමාටත් සිතුවිල්ලක් පහළ වුණා. සමීප දේශපාලනඥයන් පිරිසකුත් එතුමාට යෝජනා කළේ "ජනාධිපතිතුමනි, ඔබතුමාගේ කළ පුරුද්ද, පළපුරුද්ද තවදුරටත් රටට අවශ්‍යයි. ඒ නිසා ඔබතුමා තුන්වැනි වතාවටත් ඉල්ලන්න" කියායි. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා යනු සිය ගෝල බාලයන් කියන දේට පමණක් සවන් නොදුන් අතිශය බුද්ධිමත් පුද්ගලයෙක් බව අප දන්නවා. එතුමා කීවේ "තුන්වැනි වරටත් ඉල්ලන්න කියනවා නම් මම ඒ ගැන සලකා බලන්නම්.

ඊට කලින් ඒ ගැන රටේ ජනමතය විමසා බලන්නට මම රන්ජන් විජේරත්න මැතිතුමා රට වටේ යවනවා" කියායි. රන්ජන් විජේරත්න මැතිතුමාත් රට පුරා ගොසින් ජනමතය පිරික්සා බලා ඇවිත් මෙහෙම කියනවා. "උතුමාණනි ඔබතුමාට විශ්‍රාම යන්න කාලය ඇවිත් තියෙන්නේ. ඔබතුමා කෙරෙහි රටේ ජනතාව තුළ ලොකු ගරුත්වයක් තිබෙනවා. ඒ නිසා දැන් ආත්මගෞරවය රැකගෙන ජීවිතයේ සැ¼දෑ සමයේ විශ්‍රාම සුවයෙන් කාලය ගතකරන්නට සිතුවොත් හොඳයි. රටේම ජනතාව කියන්නේ දැන් රණසිංහ ප්‍රේමදාසට අවස්ථාව දෙන්න කියලයි."ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා එදා නිහඬව ජන මතයට සවන් දුන්නා පමණක් නොවෙයි එතුමා කිසිදා මගේ පියාගේ කකුලෙන් ඇද්දෙත් නැහැ.

එතුමා රට වටේ රැස්වීම් තියමින් තමන් අගමැති කරන ලෙස ඉල්ලා සිටියේත් නැහැ. එයයි සැබෑ නායකයකුගේ හැසිරීම ඒ ආකාරයෙන්ම පසුගිය ජනවාරි 8 වැනිදා මේ රටේ ජනතාව වත්මන් ජනාධිපතිතුමන්ට ලබාදුන් ජනවරම අනුව එතුමාට නිදහසේ රටට සේවයක් කරන්නට ඉඩදිය යුතුයි. අග්‍රාමාත්‍යතුමාටත් එසේම එතුමාගේ කාර්යභාරය ඉටු කිරීමට ඉඩදිය යුතුයි. ජනමතයට හිස නැමීම පිළිබඳ ඉතිහාසයේ පාඩම් ඉගෙන ගැනීමට තරම් දේශපාලනඥයන් නිහතමානී විය යුතුයි.

50538 (1)

Sajith Premadasa

Sajith Premadasa

Close
Close

Please enter your username or email address. You will receive a link to create a new password via email.

Close

Close